ශ්‍රී ලංකාවට එරෙහිව කෝලි ඇතුලු ඉන්දීය ප්‍රභලයන් විවේක ගන්වයි.. -
News

ශ්‍රී ලංකාවට එරෙහිව කෝලි ඇතුලු ඉන්දීය ප්‍රභලයන් විවේක ගන්වයි..

එළඹෙන ජූලි 27 වනදා ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරඟ 03 ක් සහ එක්දින තරඟ තුනකින් සමන්විත ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයේදී ඉන්දීය ප්‍රභල ක්‍රීඩකයින් තිදෙනෙක් වන රොහිට් ශර්මා, විරාත් කෝලි සහ ජස්ප්‍රිට් බුම්රාව විවේක ගැන්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ ඉදිරියේදී සිය මව්බිමේදී පැවැත්වෙන ඉදිරි තරඟාවලි සඳහා ප්‍රමුඛත්වය දීමේ අරමුණින්.

එලෙසම ශ්‍රී ලංකාවට එරෙහිව තරඟාවලියේදී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය හර්දික් පාන්ඩ්‍යාට හෝ ලෝකේශ් රාහූල්‍ට හිමිවීමට නියමිත බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button