ඔවුන් දෙදෙනාට 2027 ලෝක කුසලානයත් ක්‍රීඩාකරන්න පුලුවන් – ගාම්භීර්
ඉන්දීය කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙසින් පත්වූ ගෞතම් ගාම්භීර්, ඉන්දීය සුපිරි පිතිකරුවන් දෙපළ වන විරාත් කෝලි සහ රොහිට් ශර්මාගේ ඉදිරි දායකත්වය පිළිබඳව අදහස් දක්වා තිබුණා.
ගාම්භීර් ප්‍රකාශ කර තිබුණේ කෝලි සහ ශර්මාට ශාරිරික යෝග්‍යතාව පවත්වාගැනීමට හැකිනම් 2027 එක්දින ලෝක කුසලානයද ක්‍රිඩා කළ හැකි බවට තමා බලාපොරොත්තු වෙන බවයි.
” ඔවුන් පෙන්නලා තියෙනවා බිග් ස්ටේජ්වලදි ඔවුන්ට මොනවද කරන්න පුලුවන් කියලා විස්සයි විස්ස ලෝක කුසලානවලදි වගේම එක්දින ලෝක කුසලානවලදිත්.. මම හිතන්නෙ ඔවුන් දෙදෙනාට තවත් ක්‍රිකට්වලට බොහොදේ කළ හැකියි. වඩාත් වැදගත් වන්නේ චැම්පියන්ස් කුසලානයත් එළබෙන ඕස්ටේලියානු සංචාරයත්.. අනිවාර්යයෙන් ඔවුන් ඒ සඳහා උනන්දු වේවි.. ඉන් අනතුරුව ඔවුන්ට ශාරිරික යෝග්‍යතාව පවත්වාගැනීමට හැකිනම් 2027 එක්දින ලෝක කුසලානයද ඔවුන් ක්‍රීඩාකිරීමට හැකිබවට මා බලාපොරොත්තු වෙනවා..“
යනුවෙන් ගාම්භීර් ප්‍රකාශ කර තිබුණා.