ඉන්දු – ශ්‍රී ලංකා ගැටුමේ ප්‍රවේශපත්‍ර නිකුත්කරයි.. -
News

ඉන්දු – ශ්‍රී ලංකා ගැටුමේ ප්‍රවේශපත්‍ර නිකුත්කරයි..

විස්සයි විස්ස තරඟ තුනකින් සහ එක්දින තරඟ තුනකින් සමන්විත ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයේ ප්‍රවේශපත්‍ර වල මිල ගණන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

විස්සයි විස්ස තරඟාවලිය එළඹෙන ජූලි 27, 28 සහ 30 දිනවල මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අතර එක්දින තරඟාවලිය අගෝස්තු 02, 04 සහ 07 දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන විස්සයි විස්ස තරඟ ත්‍රිත්වය සඳහා ප්‍රවේශ පත්‍ර අද නිළ වශයෙන් නිකුත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. ඒ අනුව රු. 500 සිට රු. 10,000 දක්වා කාණ්ඩ 04 ක් යටතේ ප්‍රවේශ පත්‍රවල මිල ගණන් නිර්ණය කර තිබෙනවා.

විස්සයි විස්ස තරඟාවලිය සඳහා ප්‍රවේශපත්‍රවල මිල ගණන් පහතින්..

{“fte_image_ids”:[],”remix_data”:[],”source_tags”:[],”source_ids”:{},”source_ids_track”:{},”origin”:”unknown”,”total_draw_time”:0,”total_draw_actions”:0,”layers_used”:0,”brushes_used”:0,”photos_added”:0,”total_editor_actions”:{},”tools_used”:{“square_fit”:1,”effects”:1},”is_sticker”:false,”edited_since_last_sticker_save”:true,”containsFTESticker”:false}

ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එක්දින තරඟය ත්‍රිත්වය සඳහාද ප්‍රවේශපත්‍ර නිකුත් කර තිබෙන අතර රු. 500 යේ සිට රු.7500 දක්වා කාණ්ඩ පහක් යටතේ මිල ගණන් තීරණය කර තිබෙනවා.

එක්දින තරඟාවලියට අදාළව ප්‍රවේශපත්‍රවල මිල ගණන් පහතින්..

{“fte_image_ids”:[],”remix_data”:[],”source_tags”:[],”source_ids”:{},”source_ids_track”:{},”origin”:”unknown”,”total_draw_time”:0,”total_draw_actions”:0,”layers_used”:0,”brushes_used”:0,”photos_added”:0,”total_editor_actions”:{},”tools_used”:{“square_fit”:1,”effects”:1},”is_sticker”:false,”edited_since_last_sticker_save”:true,”containsFTESticker”:false}

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button