ආබාධයක් හේතුවෙන් තවත් ප්‍රධාන පන්දුයවන්නෙක් ඉදිරි එක්දින තරඟ දෙකෙන් ඉවතට.. -
News

ආබාධයක් හේතුවෙන් තවත් ප්‍රධාන පන්දුයවන්නෙක් ඉදිරි එක්දින තරඟ දෙකෙන් ඉවතට..

ඉන්දියාව සමඟ පැවති පළමු එක්දින තරඟය අතරතුර ඇතිවූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට ඉන්දියාව සමඟ පැවැත්වෙන ඉදිරි එක්දින තරඟ දෙක අහිමිවන බව වාර්තා වෙනවා.

ඒ අනුව ඔහු වෙනුවට අතිරේක ක්‍රීඩකයෙක් ලෙස නම්කළ ජෙෆ්‍ර්රි වැන්ඩර්සේට ඉදිරි තරඟ දෙකේදී අවස්තාව හිමිවීමට නියමිත බවද වාර්තා වෙනවා.

ඉන්දීය කණ්ඩායමට එරෙහිව විස්සයි විස්ස තරඟාවලිය ආරම්භයටත් පෙර දුශ්මන්ත චමීර, නුවන් තුශාර සහ බිනුර ප්‍රනාන්දුට ආබාධ හේතුවෙන් තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවූ අතර ශ්‍රී ලංකා එක්දින සංචිතයට නම්කළ මතීශ පතිරණ සහ දිල්ශාන් මදුසංකටද ආබාධ හේතුවෙන් එක්දින තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවුණා. ඒ අනුව වනිඳු හසරංග, ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාර තුළ ආබාධයන්ට ලක්වූ 06 වන ක්‍රීඩකයායි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button