කුමාර් සංගක්කාර රාජස්ථාන් කණ්ඩායමෙන් ඉවතට ?.. -
News

කුමාර් සංගක්කාර රාජස්ථාන් කණ්ඩායමෙන් ඉවතට ?..

IPL තරඟාවලියේදී පසුගිය වසර කිහිපය පුරාවට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ උපදේශකයා ලෙස කටයුතු කළ කුමාර් සංගක්කාර වෙනුවට ඉන්දීය කණ්ඩායමේ හිටපු පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්ව ආදේශ කිරීමට නියමිත බව මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව 2025 IPL තරඟාවලියේදී රාජස්ථාන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් රාහුල් ඩ්‍රාවිඩ් කටයුතු කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.

කෙසේවෙතත් එංගලන්ත ජාතික කණ්ඩායමේ සීමිත පන්දුවාර තරඟ රටා තුළ ප්‍රධාන පුහුණුකරු ධූරය වෙනුවෙන් කුමාර් සංගක්කාරව පත්කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය කැමැත්තෙන් සිටින බවද මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව එංගලන්ත කණ්ඩායමේ සීමිත තරඟ රටා තුළ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කුමාර් සංගක්කාර පත්වීමට වැඩි ඉඩක් පවතිනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button