ශ්‍රී ලංකා නායිකාවට වසර තුනක ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ගිවිසුමක්.. -
News

ශ්‍රී ලංකා නායිකාවට වසර තුනක ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ගිවිසුමක්..

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සමඟින් වසර තුනක ගිවිසුමක් අත්සන් කිරීමට ඕස්ට්‍රේලියානු බිග් බෑශ් ලීගයේ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම පියවරගෙන තිබෙනවා.

ඒ අනුව ඔක්තෝම්බර් 27 වනදා ආරම්භ වන කාන්තා බිග් බෑශ් ලීග් තරඟාවලියේ 2024-25 අදියරේ සිට චමරි අතපත්තු, සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

නිමාවූ කාන්තා බිග්බෑශ් තරඟාවලියේද චමරි, සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම නියෝජනය කළ අතර තරඟාවලියේ ක්‍රීඩිකාව සම්මානයද දිනාගැනීමට චමරි සමත්වූණා. එහිදි පිත්තෙන් ලකුණු 552 ක් සහ කඩුලු 09 ක් දවාගැනීමට ඇය සමත්වුණා.

බිග්බෑශ් ලීග් තරඟාවලියේ ක්‍රීඩිකාවන් කෙටුම්පත් කිරීමේ අවස්තාවට ( Player Draft ) පෙර සෑම කණ්ඩායමකටම එක් විදෙස් ක්‍රීඩිකාවක් සමඟින් වසර 03 ක ගිවුසුම් ගතවීමට අවස්තාව ලබාදී අතර සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම එම අවස්තාව චමරි අතපත්තු වෙනුවෙන් වෙන්කර තිබෙනවා.

මීට පෙරද චමරි අතපත්තු බිග්බෑශ් ලීග් තරඟාවලියේ මෙල්බර්න් රෙනග්‍රේඩ්ස් සහ පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම් නියෝජනය කර තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button