වෙනස්කම් දෙකක් සමඟින් ශ්‍රී ලංකාව දෙවන ටෙස්ට් තරඟයට.. -
News

වෙනස්කම් දෙකක් සමඟින් ශ්‍රී ලංකාව දෙවන ටෙස්ට් තරඟයට..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟයට ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම නිවේදනය කර තිබෙනවා.

වසර ගණනාවක් පුරාවට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නියත ස්තානයක් හිමිවූ කුසල් මෙන්ඩිස්ව පළමු වරට කණ්ඩායමේ ස්තානය අහිමි වී ඇති අතර ඔහු වෙනුවට දීර්ඝ කාලයකට පසුව නැවත ටෙස්ට් සංචිතයට කැඳවූ පැතුම් නිශ්ශංකට කණ්ඩායමේ ස්තානය හිමිවී තිබෙනවා.

පළමු තරඟයේ අබාධයකට ලක්වූ දිනේශ් චන්දිමාල් කඩුලු රැකීමේ කාර්‍යයෙන් ඉවත් කර ඇති අතර මෙම තරඟයේදී කඩුලු රැකීමේ වගකීම නිශාන් මදුශ්කට පැවරී තිබෙනවා. එලෙසම පළමු තරඟය ක්‍රීඩාකළ විශ්ව ප්‍රනාන්දු වෙනුවට ලහිරු කුමාරට කණ්ඩායමේ ස්තානය හිමිවී තිබීමද විශේශත්වයක්.

එංගලන්තයට එරෙහිව දෙවන ටෙස්ට් තරඟයට ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම

  • දනංජය ද සිල්වා ( C )
  • දිමුත් කරුණාරත්න
  • පැතුම් නිශ්ශංක
  • නිශාන් මදුශ්ක ( WK )
  • ඇන්ජලෝ මැතිව්ස්
  • දිනේශ් චන්දිමාල්
  • කමිඳු මෙන්ඩිස්
  • ප්‍රභාත් ජයසූරිය
  • මිලාන් රත්නායක
  • අසිත ප්‍රනාන්දු
  • ලහිරු කුමාර

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button