නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම්කරයි.. -
News

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම්කරයි..

එළඹෙන සැප්තැම්බර් 18 වනදා ආරම්භ වීමට නියමිත තරඟ දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නිළවශයෙන් නම්කර තිබෙනවා.

නිමාවූ එංගලන්ත ටෙස්ට් තරඟ සංචාරයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුවී තිබෙන අතර කඩුලු රකින පිතිකරු නිශාන් මදුශ්ක වෙනුවට මෙම තරඟාවලියේ දී ඔශද ප්‍රනාන්දුව ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙනවා. එලෙසම පසුගිය තරඟාවලියට එක්වූ කසුන් රාජිත සහ නිසල තාරකටද මෙම තරඟාවලියේදී කණ්ඩායමේ ස්තානය අහිමිවී තිබෙනවා.

නවසීලන්තයට එරෙහිව නම්කළ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය

  • දනංජය ද සිල්වා ( C )
  • දිමුත් කරුණාරත්න
  • පැතුම් නිශ්ශංක
  • කුසල් මෙන්ඩිස්
  • ඇන්ජලෝ මැතිව්ස්
  • දිනේශ් චන්දිමාල්
  • කමිඳු මෙන්ඩිස්
  • සදීර සමරවික්‍රම
  • ඔශද ප්‍රනාන්දු
  • ප්‍රභාත් ජයසූරිය
  • රමේශ් මෙන්ඩිස්
  • ජෙෆ්‍ර්රි වැන්ඩර්සේ
  • අසිත ප්‍රනාන්දු
  • විශ්ව ප්‍රනාන්දු
  • ලහිරු කුමාර
  • මිලාන් රත්නායක

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button