2024 නැඟීඑන ආසියානු කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.. -
News

2024 නැඟීඑන ආසියානු කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම්කරයි..

එළඹෙන ඔක්තෝම්බර් 18 වනදා සිට ඔක්තෝම්බර් 27 වනදා දක්වා ඕමාන්හීදී ආරම්භ වීමට නියමිත නැඟීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කර තිබෙනවා.

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලහිරු උදාරට හිමිවී ඇති අතර නුවනිඳු ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ, රමේෂ් මෙන්ඩිස් , දුශාන් හේමන්ත වැනි ජාත්‍යන්තර වරම් දිනාගත් අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ද ඇතුළත්.

තරඟාවලියේ කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් තරඟ වදින අතර A කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ හොන්ග් කොන්ග් කණ්ඩායම් තරඟ කරන අතර B කාණ්ඩයෙන් ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් සහ ඕමාන් කණ්ඩායම් තරඟ කරනවා. ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය ඇෆ්ගනිස්තානය සමඟින් ඔක්තෝම්බර් 18 වනදා පැවැත්වීමට නියමිතයි.

නැඟීඑන ආසියානු කුසලානය වෙනුවෙන් නම්කළ ශ්‍රී ලංකා සංචිතය

  • ලහිරු උදාර ( C )
  • යශෝධ ලංකා
  • ලසිත් කෲස්පුල්ලේ
  • නුවනිඳු ප්‍රනාන්දු
  • සහන් ආරච්චිගේ
  • පවන් රත්නායක
  • එශාන් මාලිංග
  • දිනුර කළුපහණ
  • ප්‍රමෝද් මදුශාන්
  • ඉශිත විජේසුන්දර
  • අහාන් වික්‍රමසිංහ
  • කවිඳු නදීශාන්
  • නිමේශ් විමුක්ති
  • දුශාන් හේමන්ත
  • රමේෂ් මෙන්ඩිස්

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button