ජේයී ශා ටෙස්ට් කණ්ඩාම් දෙකට වෙන්කරයි..
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ස්තර දෙකක් යටතේ පවත්වාගෙන යාමට අභිනව ICC සභාපති ජේයි ෂා තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව වැනි ප්‍රමුඛ මට්ටමේ කණ්ඩායම් වල සහභාගීත්වයෙන් වැඩි තරඟ සංඛ්‍යාවක් සංඛ්‍යාවක් සංවිධානය කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව කණ්ඩායම් 07 ක් පළමු මට්ටමේ කණ්ඩායම් ( 1st Division ) ලෙස නම්කර තිබෙන අතර ඔවුන්ට මෙම ආකෘතියේදී වැඩි තරඟ සංඛ්‍යාවක් හිමිවන අතර කණ්ඩායම් 05 ක් දෙවන මට්ටමේ කණ්ඩායම් ( 2nd Division ) ලෙස නම්කර තිබෙනවා. ඔවුන්ට මෙම ආකෘතිය යටතේ අඩු තරඟ සංඛ්‍යාවක් හිමිවීමට නියමිතයි.
පළමු මට්ටමේ කණ්ඩායම් ලෙස ඕස්ටේලියාව, ඉන්දියාව, එංගලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව නම්කර තිබෙන අතර බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය, සිම්බාබ්වේ, අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය දෙවන මට්ටමේ කණ්ඩායම් ලෙසින් නම්කර තිබෙනවා.