News
ඕස්ට්‍රේලියාවට එරෙහි දෙවන ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්..
සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟය පෙබරවාරි 06 වනදා ආරම්භ වීමට නියමිතයි.
දෙවන ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවීමට නියමිත බව වාර්තා වෙනවා. ආබාධයකට ලක්ව සිටි නිත්‍ය ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක, දෙවන ටෙස්ට් තරඟය ක්‍රීඩාකිරීම සඳහා මේවන විට ශාරිරික යෝග්‍යතාවයෙන් පසුවන බව වාර්තා වෙනවා. එලෙසම ශ්‍රී ලංකා සංචිතයට දඟපන්දු යවන ක්‍රීඩක රමේශ් මෙන්ඩිස්වද කැඳවා තිබෙනවා. ඒ අනුව දෙවන ටෙස්ට් තරඟයේදී පැතුම් නිශ්සංක සහ රමේශ් මෙන්ඩිස් ක්‍රීඩා කිරීමට නියමිත අතර ඔශද ප්‍රනාන්දු සහ නිශාන් පිරීස්ට කණ්ඩායමේ ස්තානය අහිමි වනු ඇත.
තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟයෙන් ඉනිමක සහ ලකුණු 242 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා.