මගේ ලකුණු 400 වාර්තාව ගැන ආසාව අතහැරියේ කුසල් මෙන්ඩිස්ව දැකලා – බ්‍රයන් ලාරා.

දකුණු අප්‍රිකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟයේ පලමු ඉනිමේ දකුණු අප්‍රිකාව නායක වියන් මුල්ඩර් විශිෂ්ඨ ඉනිමක් දියත් කරමින් නොදැවී ලකුණු 367ක් ලබාගැනිමට සමත්වුණා.
ටෙස්ට් පිටියේ ක්‍රීඩකයෙක් විසින් ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන බ්‍රයන් ලාරාගේ ලකුණු 400 වාර්තාව පහසුවෙන්ම බිඳ දැමීමට මුල්ඩර්ට අවස්ථාවක් තිබූ නමුත්, ඔවුන් පලමු ඉනිම අත්හිටවූ අතර බ්‍රයන් ලාරාගේ වාර්තාව එලෙසම තිබිය යුතු එකක් බව පසුව මුල්ඩර් විසින් මාධ්‍යට අදහස් දැක්වූවා.
කෙසේ නමුත්, බ්‍රයන් ලාරාගේ ප්‍රකාශයක් සම්බන්ධයන් මේ වන විට සමාජ මාධ්‍යයේහි හුවමාරු වන අතර එය කාගේත් අවදානයට ලක්වූ තිබෙනවා.
“වියන් මුල්ඩර් ලකුණු 350 සීමාව පසුකරන කොට මට බයක් දැනුනාද කියලා ගොඩක් අය මගෙන් ඇහුවා. ඇත්තටම නැහැ, මොකද, මම ඒ වාර්තාව ගැන ආසාව ඇත හැරියේ, 2016 දී යොවුන් ක්‍රීඩකයෙක් වූ කුසල් මෙන්ඩිස් ලකුණු 176ක් ලබාගත්ත දවසේ” යනුවෙන් බ්‍රයන් ලාරා පවසා තිබෙන බවට ප්‍රචාරය වනවා.

නමුත්, මේ සම්බන්ධයන් සොයා බැලූ අපට (slcricketlions.com) අවදාරනය වූයේ, බ්‍රයන් ලාරා මෙවැනි ප්‍රකාශයක් කිසිම තැනක ප්‍රකාශ කර නොමැති බවයි.
එබැවින් සමාජ මාධ්‍යයේ හුවමාරු වන මෙම ප්‍රකාශය ව්‍යාජ එකක් බව අප ඔබට දැනුම් දෙනවා.