News
වනිඳු හසරංගට බංග්ලාදේශ විස්සයි විස්ස තරඟාවලිය අහිමිවෙයි…

බංග්ලාදේශයට එරෙහි තුන්වන සහ අවසාන එක්දින තරගයේදී පන්දුවට පහර දෙමින් සිටියදී වනිඳු හසරංගගේ දකුණු කකුලේ කලවා මාංශ පේශි ආබාධයකට ලක් වුණා.
වෛද්‍ය උපදෙස් අනුව, අබාධයයෙන් සුවය ලැබීම සඳහා ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපන ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා වනිඳු හසරංග, කොළඹට පැමිණිමට නියමිතයි.
ඒ අනුව වනිඳු හසරංගව, බංග්ලාදේශය සමඟ විස්සයි විස්ස තරඟාවලියේ තේරීම් සඳහා සලකා බැලීමට නොහැකිවන බව වාර්තාවන අතර ඔහු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙක් තවමත් නම්කර නෑ.