ආබාධවලට ලක්ව සිටින වනිඳු සහ කුසල් ජනිත්ගේ තත්වය පිළිබඳව තේරීම් කමිටු සභාපතිගෙන් පැහැදිලි කිරීමක්.. -
News

ආබාධවලට ලක්ව සිටින වනිඳු සහ කුසල් ජනිත්ගේ තත්වය පිළිබඳව තේරීම් කමිටු සභාපතිගෙන් පැහැදිලි කිරීමක්..

ආබාධවලට ලක්ව සිටින වනිඳු හසරංගට සහ කුසල් ජනිත් පෙරේරාට එළඹෙන සිම්බාබ්වේ තරඟ සංචාරය ක්‍රීඩාකිරීමට ඇති හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති උපුල් තරංග, සිය ස්තාවරය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ආබාධයකට ලක්ව සිටින වනිඳු හසරංගට සිම්බාබ්වේ සමඟ එක්දින තරඟාවලිය අහිමි වන බවත් විස්සයි විස්ස තරඟාවලියද වනිඳු හසරංගට අහිමිවීමට වැඩි ඉඩක් පවතින බව තේරීම් කමිටු සභාපති උපුල් තරංග ප්‍රකාශ කර තිබෙනවා.

එලෙසම SLC විස්සයි විස්ස ලීග් තරඟාවලියේදී පන්දුවක් අතේ වැදීමෙන් ආබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරාගේ තත්ත්වය බරපතළ නොවන බවත්, සිදුකළ X කිරණ පරීක්ශණයේදී ඇඟිල්ලේ අස්ථි බිඳීමක් දක්නට නොලැබුණු බවත් උපුල් තරංග තහවුරු කර තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button