News
තරඟ 06 ක සංචාරයක් සඳහා එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට..

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එක්දින තරඟ 03 කින් සහ විස්සයි විස්ස තරඟ 03 කින් සමන්විත තරඟාවලියක් වෙනුවෙන් එළඹෙන වසරේ (2026) ජනවාරී සහ පෙබරවාරි මාසවලදී එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා තරඟ සංචාරයක නිරතවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.
එක්දින සහ විස්සයි විස්ස තරඟාවලියට අදාළ කාලසටහනද මේවනවිට නිවේදනය කර ඇති අතර එක්දින තරඟාවලිය කොළබ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහ විස්සයි විස්ස තරඟාවලිය මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව වාර්තාවෙනවා.
තරඟ කාලසටහන මෙන්න. ( England tour of Sri Lanka 2026 )
- 1st ODI – 22 January
- 2nd ODI – 24 January
- 3rd ODI – 27 January
- 1st T20I – 30 January
- 2nd T20I – 1 February
- 3rd T20I – 3 February