සජබ මන්ත්‍රී ප්‍රසාද්ගෙන් සනත් ජයසූරියට චෝදනා… -
News

සජබ මන්ත්‍රී ප්‍රසාද්ගෙන් සනත් ජයසූරියට චෝදනා…

සමඟි ජන බලවේග මාධ්‍ය ප්‍රකාශක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරියට චෝදනා එල්ලකර තිබෙනවා. ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ සනත් ජයසූරියට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධූරය දැරීමට ප්‍රමාණවත් සුදුසුකම් නොමැති බවයි.

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති තහනම් උත්තේජක සම්බන්ධ විවාදයේදී අදහස් දක්වමින් ප්‍රසාද් සිරිවර්ධන, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරියව විවේචනය කර තිබුණා. ” සනත් ජයසූරිය අයි.සී.සී ය විසින් නිර්දේශ කර තිබෙන පුහුණු මට්ටම සපුරා ඇත්ද යන්න සොයා බැලිය යුතු බවත්, දක්ශ ක්‍රීඩකයෙක් වූ පමණින් දක්ශ පුහුණුකරුවෙක් නොවන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button