ක්‍රිකට් ක්‍රීඩාවට නව තරඟ රටාවක්.. -
News

ක්‍රිකට් ක්‍රීඩාවට නව තරඟ රටාවක්..

ක්‍රිකට් ක්‍රීඩාව, අනාගතයට ගැළපෙන ආකෘතියක් සහ ගෝලිය ව්‍යාපාරයක් බවට පත්කිරීම වෙනුවෙන් ක්‍රිඩා ව්‍යවසායකයෙන් වන ගෞරව් බහිර්වානී, ක්‍රිකට් ක්‍රීඩාවට ටෙස්ට්-ටුවෙන්ටි නමින් වෙනස්ම ආකෘතියක තරඟ රටාවක් හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා. ක්ලයිව් ලොයිඩ්, මැතිව් හේඩන්, හර්බජාං සිං, ඒ.බී. ඩිවිලියර්ස් වැනි හිටපු සුපිරි ක්‍රීඩකයින්ගෙන් නව තරඟ රටාවට අදාළ උපදේශණ මණ්ඩලය සමන්විතයි.

” ටෙස්ට්-ටුවෙන්ටි “ නව තරඟ රටාව එළඹෙන ජනවාරිහීදී පළමු වරට දියත්කිරීමට නියමිත අතර තරඟයක් පන්දුවාර 80 කින් සමන්විත වනවා. එම පන්දුවාර 80, පන්දුවාර 20 බැඟින් කාල පරතර 04 කින් ක්‍රීඩා කිරීමට නියමිත අතර කණ්ඩායම් දෙකටම පන්දුවාර 20 බැඟින් අවස්තා දෙකකදී පන්දුවට පහරදීමට සහ පන්දුයැවීමට අවස්තාව උදාවෙනවා.

මෙම තරඟ රටාව ටෙස්ට් තරඟ වල ආකෘතියට සමාන නමුත් පන්දුවාර ප්‍රමාණය සීමිත බැවින් මෙම තරඟ රටාව ” ටෙස්ට්-ටුවෙන්ටි ” ලෙසින් නම්කර තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button