News
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමට තවමත් අවස්තාවක්…

මෙවර කාන්තා එක්දින ලෝක කුසලානයේ තරඟ 23 ක් අවසන් වන විට කණ්ඩායම් 03 ක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගෙන තිබෙනවා. ඒ ඕස්ට්‍රේලයාව, දකුණු අප්‍රිකාව සහ එංගලන්තයයි. අවසන් පූර්ව වටයේ ඉතිරි ස්‍තානය වෙනුවෙන් කණ්ඩායම් 03 කට තවමත් අවස්තාව පවතින අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමටද අවසන් පූර්ව වටයට පිවිසීමට තවමත් අවස්තාව පවතිනවා. ඒ සඳහා පාකිස්තානය සමඟ පැවැත්වෙන ඉතිරි තරඟය අනිවාර්යයෙන්ම ජයගත යුතු අතර ඉන්දියාව සහ නවසීලන්තය ක්‍රීඩාකරන ඉතිරි තරඟවල ප්‍රතිඵලයද වැදගත් වෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමට සම්පූර්ණ කළ යුතු සාධක මෙන්න.
- පාකිස්තානය සමඟ තරඟය අනිවාර්යයෙන්ම ජය ගත යුතුයි. ( ඉහළ දළ ලකුණු ලබාගැනීමේ වෙගයක් සහිතව )
- ඉන්දියාව ඉතිරි තරඟ දෙකම අනිවාර්යයෙන්ම පරාජය විය යුතුයි.
- එංගලන්තය සමඟ තරඟය නවසීලන්තය අනිවාර්යයෙන්ම පරාජය විය යුතුයි.