News
ශ්රී ලංකාව සමඟ එක්දින තරඟාවලිය සහ තුන්කොන් විස්සයි විස්ස තරඟාවලිය වෙනුවෙන් පාකිස්තාන සංචිත නම්කරයි..

සංචාරක දකුණු අප්රිකා කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස තරඟාවලියත් එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වෙන සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමඟ එක්දින තරඟාවලිය සහ තුන්කොන් විස්සයි විස්ස තරඟාවලියත් වෙනුවෙන් පාකිස්තාන එක්දින සහ විස්සයි විස්ස සංචිත නිළවශයෙන් නිවේදනය කර තිබෙනවා.
නව එක්දින නායකයා ලෙසින් පත්වූ ශහීන් ෂා අෆ්රිඩි විසින් එක්දින කණ්ඩායම මෙහෙයවන අතර සුපුරුදු පරිදි විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය සල්මාන් අලී ආගාට හිමිවී තිබෙනවා. කලකට පසුව බාබර් අසාම්ව එක්දින සහ විස්සයි විස්ස සංචිත දෙකටම කැඳවා තිබීම විශේශත්වයක්. සයිම් අයුබ්, ෆහීම් අස්රෆ්, සහබ්ශදා ෆර්හාන්, අබ්රාර් අහමඩ්, මොහොමඩ් රිස්වාන්, නසීම් ෂා ඇතුළු ප්රභල ක්රීඩකයින් රැසක් පාකිස්තාන සංචිතවලට නම්කර තිබෙනවා.
පාකිස්තාන එක්දින සහ විස්සයි විස්ස සංචිත මෙන්න.
| ODI | T20I |
| SHAHEEN SHAH AFRIDI (CAPTAIN) ABRAR AHMED BABAR AZAM FAHEEM ASHRAF FAISAL AKRAM FAKHAR ZAMAN HARIS RAUF HASEEBULLAH HASAN NAWAZ HUSSAIN TALAT MOHAMMAD NAWAZ MOHAMMAD RIZWAN (WICKET-KEEPER) MOHAMMAD WASIM JNR NASEEM SHAH SAIM AYUB SALMAN ALI AGHA | SALMAN ALI AGHA (CAPTAIN) ABDUL SAMAD ABRAR AHMED BABAR AZAM FAHEEM ASHRAF HASAN NAWAZ MOHAMMAD NAWAZ MOHAMMAD WASIM JNR MOHAMMAD SALMAN MIRZA NASEEM SHAH SAHIBZADA FARHAN SAIM AYUB SHAHEEN SHAH AFRIDI USMAN KHAN (WICKET-KEEPER) USMAN TARIQ |
