ශ්‍රී ලංකා – පාකිස්තාන තරඟාවලිය අතරමඟ නවතින ලකුණු ?..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු එක්දින තරගය ඊයේ දිනයේදී පැවත්වුණු අතර, තරඟය පැවැත්වුණු රාවල්පිණ්ඩි ක්‍රීඩාංගනයට කිලෝමීටර් 17කට ආසන්නව පිපිරීමක් වාර්තා වී තිබුණා. එම පිපිරීම හේතුවෙන් 12 ස් දෙනෙකු මියගොස් තවත් 36 දෙනෙකු පමණ තුවාල ලබා තිබුණු බව වාර්තාවුණා. අද පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු සැසියද ආරක්ශක හේතූන් මත නොපැවැත්වුණු බව වාර්තාවෙනවා.
එවන් පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග පැවැති සාකච්ඡාවලදී පාකිස්ථාන ක්‍රිකට් බලධාරීන් සදහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට උපරිම ආරක්ෂාවක් ලබාදෙන බවයි. කෙසේවෙතත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තරඟාවලිය ක්‍රීඩා කිරීමට අකමැත්ත පළකොට ඇති බවයි වාර්තාවන්නේ.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරගාවලිය ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම හමුවේ තරඟාවලිට අතරමඟ නවතා දැමීමට වැඩි ඉඩක් පවතින අතර එසේවුවහොත් පකිස්ථානය එළඹෙන විස්සයි විස්ස කුසලාන තරගාවලියට මෙරටට පැමිණීමද අවදානමකට ලක්වීමට ඉඩක් පවතිනවා.

