News
හර්බජාන් සිං, මෙවර ලෝක කුසලානයේ සෙමි ෆයිනල් යන කණ්ඩායම් 4 නම් කරයි.

පෙබරවාරි මස 7 වන ආරම්භ වීමට නියමිත මෙවර (2026) විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට කණ්ඩායම් 20ක් සහභාගි වන අතර, තරඟාවලියේ අවසන් පූර්ව වටය (Semi final) සඳහා සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් 4 කවුරුත් ද යන්න ඉන්දීය හිටපු සුපිරි ක්‍රීඩකයෙක් වන හර්බජාන් සිං ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු ප්‍රකාශ කර ඇති කණ්ඩායම් අතරට ඉන්දීය කණ්ඩායම ඇතුළුව ආසියාවේ කණ්ඩායම් දෙකක් ඇතුළත් වන අතර, සමසත්කාරත්වය හිමි ශ්‍රී ලංකාව නම් කර නෑ.
හර්බජාන් සිං නම් කළ කණ්ඩායම් හතර වන්නේ,
ඉන්දියාව 🇮🇳
ඇෆ්ගනිස්තානය 🇦🇫
ඕස්ට්‍රේලියාව 🇦🇺
දකුණු අප්‍රිකාව 🇿🇦
