News
උපුල් තරංගව අත්අඩංගුවට ගැනීමට නියෝගයක්.

තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටී වත්මන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති වන උපුල් තරංග ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඒ, මාර්තු මාසයේ පල්ලෙකැලේදී පැවතී “ලෙජන්ඩ් ට්‍රෝෆි 2024” ක්‍රිකට් තරගාවලියේ දී කැන්ඩි සෑම් ආම් කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දීය ජාතික යෝගී පටෙල් විසින් තමන්ට තරඟ පාවා දීමේ යෝජනාවක් සිදුකළ බවට උපුල් තරංග ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි කර තිබුණා.
ඔහුගෙන් අද හරස් ප්‍රශ්න ඇසීමට නියමිතව තිබූ අතර අධිකරණයේදී හෙළි වුණේ තේරීම් කමිටු සභාපති උපුල් තරංග අධිකරණයට දැනුම්දීමකින් තොරව අමෙරිකානු නැෂනල් ලීග් ක්‍රිකට් තරඟාවලියට සහභාගි වීම සඳහා විදෙස් ගතවී ඇති බවයි.