මුරලිදරන්ගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ධනාත්මක ප්‍රකාශයක්. -
Conference

මුරලිදරන්ගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ධනාත්මක ප්‍රකාශයක්.

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය, පසුගිය වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරධූරයට පත්වූ අතර, ඉන් අනතුරුව පැවතී තරඟාවලි කිහිපයක්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට හැකිවුණා.

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම ජයග්‍රහණයන් හේතුවෙන් හිටපු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ධනාත්මක ප්‍රකාශයක් Telecom Asia Sport වෙත සිදුකර තිබෙනවා.

පසුගිය මාස කිහිපය තුළ කණ්ඩායම යම් පෙරළියක් සිදු කර තිබෙනවා. සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාරගත් දා සිට, ඔවුන් තීරණාත්මක අඩුපාඩු නිරාකරණය කරමින් අඛණ්ඩව ජයග්‍රහණය කිරීමට පටන් ගෙන තිබෙනවා. පරාජයේදී පවා ඔවුන් සටනක් දියත් කළා, එය ප්‍රගතියේ පැහැදිලි සලකුණක්. එය දැකීම ප්‍රබෝධමත්” යනුවෙන් මුත්තයියා මුරලිදරන් ප්‍රකාශ කර තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button