News
එක්දින ශ්‍රේණිගත කිරීමෙහි ශ්‍රී ලංකාව තවත් ඉදිරියට.

ඕස්ටේලියාවට එරෙහිව දෙවන එක්දින තරඟයෙන් ලකුණු 178ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමත් සමඟින් තරඟාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
මෙම විශාල ජයග්‍රහණයත් සමඟින්, ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමෙහි අංක 5 දක්වා ඉදිරියට පැමිණීමට ද ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත්වුණා. ඒ දකුණු අප්‍රිකා කණ්ඩායම පසුකර යමින්.
ශ්‍රී ලංකාවට ඉදිරියෙන්, ඉන්දියාව, පකිස්තානය, ඕස්ටේලියාව හා නවසීලන්තය රැඳී සිටී.
