ජෝස් බට්ලර්ගෙන් විශිෂ්ඨ ශතකයක්. -
IPLLeague

ජෝස් බට්ලර්ගෙන් විශිෂ්ඨ ශතකයක්.

මෙවර IPL තරඟාවලියේ 19 වන තරඟයේදී රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරාජයට පත්කරමින් කඩුලු 6ක විශිෂ්ඨ ජයක් වාර්තා කරගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පලමුව පන්දුවට පහරදුන් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3ක් දැවී ලකුණු 183ක් වාර්තාකර අතර, මෙවර තරඟාවලියේ පලමු ශතකය රැස්කර ගැනීමට විරාට් කෝලි සමත්වුණා. ඔහු නොදැවී ලකුණු 113ක් ලබාගත් අතර නායක ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 44ක් ලබාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 19.1ක් අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 189ක් ලබාගනිමින් තරඟය විශිෂ්ඨ ලෙස ජයගත්තේ ජෝස් බට්ලර්ගේ ශතකයක් ද සමඟිනි.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේදී රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව සමකර තිබූ අතර, ඒ වන විට ජෝස් බට්ලර් නොදැවී ලකුණු 94ක් ලබාගෙන සිටියා. 20 වන පන්දුවාරයේදී ජෝස් බට්ලර් හයේ පහරක් එල්ල කරමින් ශතකය ද වාර්තාකරගැනීමට සමත්වුණා.

මෙය මෙවර තරඟාවලියේ දෙවන ශතකයයි. එම අවස්ථාව වීඩියෝ එක මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button