විල් ජැක්ස්ගෙන් සුපිරි ශතකයක් අවසන් පන්දු 10 තුළ ලකුණු 50 ක්.. -
IPLLeague

විල් ජැක්ස්ගෙන් සුපිරි ශතකයක් අවසන් පන්දු 10 තුළ ලකුණු 50 ක්..

මෙවර IPL තරඟාවලියේ 45 වන තරඟය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර පැවැත්වුණු අතර කඩුලු 9 ක පහසු ජයක් වාර්තාකිරීමට බැංගලෝර් කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 03 කට ලකුණු 200 ක් රැස්කළා. එහිදී විශිෂ්ට ඉනිමක් දියත්කළ ශායි සුදර්ශන් පන්දු 49 කින් නොදැවී ලකුණු 84 ක් රැස්කළ අතර ශාරුක් ඛාන් පන්දු 30 කින් ලකුණු 58 ක් රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 16 ක් අවසානයේ ලකුණු 201 ක ඉලක්කය පහසුවෙන් හඹායමින් තරඟයේ ජය වාර්තා කළා. විශිෂ්ට ඉනිමක් දියත්කළ විරාත් කෝලි පන්දු 44 කින් නොදැවී ලකුණු 70 ක් වාර්තා කළ අතර සුපිරි ඉනිමක් දියත්කළ විල් ජැක්ස් පන්දු 41 කින් විශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට සමත්වුණා.

මොහිට් ශර්මා සහ රශීඩ් ඛාන් යොමුකළ බැංගලෝර් ඉනිමේ 15 වන සහ 16 වන පන්දුවාර තුළ ලකුණු 29 බැඟින් වාර්තා කිරීමට විල් ජැක්ස් සහ කෝලි සමත්වුණා. විල් ජැක්ස්ගේ ඉනිමේ අවසන් ලකුණු 50 හ වාර්තා කිරීම සඳහා වැයවුනේ පන්දු 10 ක් පමණයි. ( විල් ජැක්ස් දියත්කළ සුපිරි ඉනිම පහතින් නැරඹිය හැකියි )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button