තරඟාවලියේ සිය අවසන් තරඟයේ තුශාරගෙන් සුපිරි පන්දුයැවීමක්.. -
IPLLeague

තරඟාවලියේ සිය අවසන් තරඟයේ තුශාරගෙන් සුපිරි පන්දුයැවීමක්..

( වීඩියෝව පහතින් ) මෙවර IPL තරඟාවලියේ 67 වන තරඟය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර මේවනවිට පැවැත්වෙන අතර කණ්ඩායම් දෙකේම තරඟාවලියේ මුහුණදෙන අවසන් තරඟය මෙයයි.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 214 ක ලකුණු පුවරුවක් ගොඩනැඟුවා. එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ නිකලස් පූරන් පන්දු 29 කින් වේගවත් ලකුණු 75 ක් වාර්තා කළ අතර නායක ලෝකේශ් රාහුල් පන්දු 41 කින් ලකුණු 55 ක් රැස්කළා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් නැවත වරක් විශිෂ්ට පන්දුයැවීමක නිරතවීමට නුවන් තුශාර සමත්වූ අතර නිකලස් පූරන්ගේ කඩුල්ලද සමඟින් ලකුණු 28 කට කඩුලු 03 ක් බිඳදමමින් තුශාර සිය පන්දුවාර හතර නිමාකළා. ( තුශාර දවාගත් කඩුලු පහතින් නැරඹිය හැකියි )

නුවන් තුශාර දවාගත් කඩුලු ත්‍රිත්වය ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button