මට ඔහු ගැන ලොකු ගෞරවයක් තියෙනවා – ගෞතම් ගාම්භීර් -
All News

මට ඔහු ගැන ලොකු ගෞරවයක් තියෙනවා – ගෞතම් ගාම්භීර්

ඉන්දීය කණ්ඩායමේ නව පුහුණුකරු ලෙසින් පත්වූ ගෞතම් ගාම්භීර් ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි පිළිබඳව අදහස් දක්වා තිබුණා.

IPL තරඟාවලිය අතරතුර ලක්නව් කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙසින් කටයුතු කරද්දී ගාම්භීර් සහ කෝලි අතර වචන හුවමාරුවක් ඇතිවුණත් ගාම්භීර් පුහුණුකරු බවට පත්වීමත් සමඟින් ගාම්භීර් පවසා තිබුණේ කෝලි සමඟ හොඳින් වැඩකිරීමට හැකිවනු ඇති බවට තමා අපේක්ශා කරන බවයි.

ඔහු වෘත්තීය තුළ පරිපූර්ණ ක්‍රීඩකයෙක්.. ඔහු ලෝක මට්ටමේ ක්‍රීඩකයෙක්.. මම හැමවෙලේම එය කියනවා. ක්‍රිඩකයෙක් විදිහට මට ඔහු ගැන ලොකු ගෞරවයක් තිබෙනවා ඉදිරියටත් එය එලෙසමයි. ඉදිරියේදී අපිට හොඳින් වැඩකළ හැකි බවට මම බලාපොරොත්තු වෙනවා.

යනුවෙන් ගාම්භීර් ප්‍රකාශ කර තිබුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button